Kadawara Yahana - මහා බ්‍රහ්ම

මහා බ්‍රහ්ම

 

 දේව ගණයට අයත්නූවද මහා බ්‍රහ්මයා දෙවියෙකු ලෙස ව්‍යවහාරයේ හඳුන්වනු ලැබේ.බ්‍රහ්ම ගණයාගේ රජු හැටියට සැළකේ."බ්‍රහ්ම"යන ශබ්දය ඉතා ඈත අතීතයේ ඉන්දියාවේ සෘග්වේද යුගයේ සටහන් වන වචනයකි.එකල ඇතිවූ "බ්‍රහ්ම" දෙවියකු ලෙස හෝ ප්‍රාණ වාචී කෙනෙකු ලෙස හෝ නොසැළකිය දෙවියන්ගෙන් පිහිටාධාර ඉල්ලා කරන ලද ආයාචනා කිරීමක් මෙයින් අදහස් විය.එකල වේද පාඨ හා ගීත හැඳින්වූය්වි "බ්‍රහ්ම" යන නමින්ය.මෙම බ්‍රහ්ම නාමය පසුව ලෝකය හා ලොව තිබෙන සියළු දේත් නිර්මාණය කළ මහා දෙවියෝ ලෙසට හැඳින්වූහ.සෘග්,සාම,අථර්වන්,යන සිව්වේදය ලොවට ප්‍රකාශ කළ මහා බ්‍රහ්මයා භාරතීය ආර්ය ජනයාගේ එකම දෙවියෝ බවට පත්විය.

මුලදී තමාව උපන් පරමාත්මය,"බ්‍රහ්මන්" බවට පත් වීමෙන් අනතුරුව සියළු ලෝකය ඔහු නිර්මාණය කළේ ය.ඔහු විසින් මෙසේ මවන ලද ලෝකය පසුකල විනාශයට පත්වූ විට ඒ සියල්ල යලි"බ්‍රහ්මන්"බවට පත්වේ.මේ අනුව ඔහු ලෝකය නිර්මාණය කරන මහා දෙවියා වේ. මුලදී ස්වාභාවික වස්තූන් වන ඉර,හඳ,ජලය,විදුලිය,වර්ෂාඅව,සුළඟ,ගින්න ආදිය මහත් ආශ්චර්යයක් කොට එවක ජනයා ඒවා ඇදහීමට පටන් ගත්හ.මෙම තත්ත්වයට පසුව දේවත්වය ආරෝපණය කරන්නට පටන් ගත්තේ ඒවා දෙවිවරුන් ලෙස සලකා,පුද පූජා පැවැත්වීමට ඇරඹිණි.එයින් දේවත්වය පහල විය. මහා බ්‍රහ්ම වැනි එකම දෙවියෙක් නොව බොහෝ දෙවිවරු මේ නිසා පහල වූහ.ඒක දේවවාදය,බහු දේවවාදයක් බවට  පත් වූයෙන් තම - තමන් අභිමත දෙවිවරුන්ට පුද-පූජා පවත්වා ආධාර අපේක්ෂා කිරීමට මිනිසුන් පෙළඹුණි.වේද යුගවලින් පසු ඇති වූ උපනිෂද් යුගයේදී,ලෝකය හා සත්වයන් පිළිබඳ නොයෙක් මත පෙරදැරි කරගත් වාදයන් ඇතිවිය.ඒ වාද අනුගත් ව, විවිධ දර්ශණ පහල විය.එහි ප්‍රතිඵලයක් වශයෙන් බ්‍රහ්ම ආගම,හින්දු ආගම,බුද්ධාගම,ජෛන ආගම,ආදි පෙරදිග ආගම් රාශියක් පහළ වූ බව පෙනේ.මහා බ්‍රහ්මයා කෙරේ විශ්වාසය ඇතිව,ඔහුට වැදුම් පිඳුම් කිරීම,බ්‍රහ්ම ආගම වශයෙන් ඉන්දියාවේ පැතිරියේය.චතුර්වේදය ඊට අයත්ය.ආර්යයන් ලංකාව තරණය කරන අවධිය වන විට බ්‍රහ්ම ආගමද ලංකාවේ පැවතුනයි විශ්වාස කෙරේ.

බෞද්ධ සාහිත්‍යයේ සහම්පති මහා බ්‍රහ්ම පිළිබඳ ව සඳහන් වේ.බුද්ධ චරිතයේ විශේෂ අවස්ථාවන්හි පෙනී සිටින මොහු බුදු රජුනට පූජා පැවැත්විය.සිදුහත් උපතේදී රන් දැලට සිදුහත් කුමරුවන් වඩා ගත්තේය.සිදුහත් කුමරු බුදු බවට පත්විමේදී අෂ්ඨ පරිස්කාර පිළිගැන්විය.බුදුව දහම් දෙසන විට දෙවි බඹුන් සපිරිවර කොට පැමිණ රන් කුඩයක් දැරිය්.බුදු වීමට පෙර ඇඳසිටි,සළුපිළි බඹ ලොව ගෙන ගොස් "සිළුමිණ"සැය සැදිය.ඈ නොයෙක් ලෙසට බුදු සිරිතට මහා බ්‍රහ්ම සබදව ඇත.

නිරතුරු ධ්‍යෑනයට සමවැද සුඛ විහරණයෙන් කල් ගත කරයි.චතුර් බ්‍රහ්ම විහරණයෙන් කල් ගත කරයි.චතුර් බ්‍රහ්ම විහරණයෙන් හෙබුන,ශිලවන්තයෙකි.මේ දෙවිදුට එක් දවසක් මිනිස් ලොවට කල්පයකි.මහ බඹුගේ එක් ද්වසක්  නිම වෙන විට කල්පාන්තය පැමිණ මිනිස් ලොවට කල්පයකි.මහ බඹුගේ එක් දවසක් නිම වෙන විට කල්පාන්තය පැමිණ මිනිස් ලොව විනාශ වේ.එවිට ඔහු තමාගේ-රත්‍රීකාලයට පිවිසේ.ඔහු නින්දට යයි.මෙකළ ලෝකයේ ශූන්‍යතාවය පවතී.ඔහු පසුදා නින්දෙන් පිබිදේ.ලෝකය නිර්මාණය කරයි.ඔහුගේ ආයු කාලය බඹ ලොවට වර්ෂ 100කි.එය මිනිස් ලොවට කල්ප 100කි.දැනට බ්‍රහ්මයා 51 වන වියේ පසු වෙයි.මිනිස් ලොව දැන් "ශේවත වරාහ" නම් 51 වන කල්පයයි.කල්ප වර්ෂ 1972949060 වෙයි.

හිස් හතරක්ද,අත් අටක්ද,ඇති-ඔහුට මුඛ සතරෙකි.සමහර තැනක අත් සතරක්ද,මුඛ අටක්ද වේ.සුදු හෝ කහ වර්ණයෙන් යුත් සළුවක් ඇද පොරවා ගෙන සිටින මහ බඹු වියපත් මහළු පෙනුමක් දරයි.එලෙස රූපය නිර්මාණය කර ඇත්තේ යට සඳහ 51 වසරක පරිනත පෙනුම දැක්වීමටය.හංස වාහනාරූඪවූ ඔහු අතේ සුදු කුඩයකි.ඇතැම් රූපවල එක් අතක් රන් කෙන්ඩියකි.සමහර රූපවල ඔහු දිවිසමක් ඇඳ-පොරවාගෙන සිටි.ඒ තපස් බව දැක්වීමටය.මහ බඹුට ප්‍රජාපති,අටනෙත,චතුර්මුඛ,ඈ නම් රැසකි.සමහර රූපවල මහ බඹු පියුමක් මත වැඩ සිටින අයුරු දක්වයි.එයින් උපත හෙවත් නිර්මණය සංකේතවත් කරයි.සකල ලොව ශිල්ප ශාස්ත්‍රයන්ට අධිපති "සරස්වති දේවිය"මහ බඹුගේ භාර්යාවය.පුස්කර දෙවි ලොව වසන මහ බඹු බ්‍රහ්ම විංශතියට ලෝකය බලන බැව් විශ්වාසයේ පවති.අගනිටා බඹලොව වෙසෙන බවක්ද සමහර තැනක කියයි.අනෙකුත් යාග කර්මවලදී මෙන් දෙවියන් අතර ප්‍රථම ස්ථානය මහා බ්‍රහ්මයාට අයත්ය.